IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දාන ගෙදරක ගිහින් එද්දී ලොරියක හැපී ත්‍රිෙරා්ද රියැදුරු මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම ප්‍රදේශයේ දාන ගෙදරකට සහභාගි වී ආපසු සිදූව දක්වා ගමන් කරමින් තිබු ත්‍රි රෝද රථයක් මාරවිල දී ලොරි රථයක ගැටි සිදුවු අනතුරකින් 34 හැවිරිදි පුද්ගලකු මරණයට පත්ව කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු බරපතල තුවාල සිදුව ඇති බව මාරවිල පොලිසිය කියයි.

මෙම අනතුර අද (2)  දින අලුයම මාරවිල හත්තිනිය ප්‍රදේශයෙදී සිදුව ඇති අතර අනතුරින් මරණයට පත්ව ඇත්තේ සිදූව ප්‍රදේශයෙ පදිංචි 34 හැවිරිදි සම්පත් කැළුම් ඒකනායක නැමති අයකු බව කියයි.

අනතුරින් මරණයට පත් අය තම මව,බිරිද, හා දරු දෙදෙනා සමග පුත්තලම ප්‍රදේශයෙ දානමය පිංකමකට සිකුරාදා සවස පැමින ඇති බවත් දානමය පුන්‍ය කර්මය අවසන් වී නැවත සිදූව ප්‍රදේශයෙ නිවසට ත්‍රි රෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඩිමෝ බට්ටා ලොරියක ගැටි අනතුරට ලක්වි ඇති බව කියයි.

අනතුර සිදුවන මොහොතේ මරණයට පත් වු අය ත්‍රි රෝද රථය පදවා ඇති බවත් අධික නිදිමත හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව මාරවිල මූලස්ථාන පොලිසියෙ රථවාහන අංශය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි 34 හැවිරිදි දෙදරු පියා මරණයට පත්ව අවුරුදු 4 හා 7 ක් වයසැති දරු දෙදෙනා හා මරණයට පත්වු අයගෙ මව හා බිරිද ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබු දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුලත් කර තිබුනී.

අනතුර සම්බන්ධව මාරවිල මූලස්ථාන පොලිසියෙ රථවාහන පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

දාන ගෙදරක ගිහින් එද්දී ලොරියක හැපී ත්‍රිෙරා්ද රියැදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site