(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය 11 වැනිදා සිට අද (15) දක්වා දින පහ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15) පැවසීය.
අද දිනයේ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000 ත් ලක්‍ෂයත් අතර සංඛ්‍යාවක් නිකුත් කිරීමට නියමිත බව කී කේතේෂ්වරම් මහතා ගෑස් සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් සමාගම දින 40 කට ආසන්න කාලයකට පසුව පසුගිය 11 වැනිදා කොළඹ නගර සීමාවෙන් ගෑස් සැපයුම ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව පුරා මේ වන විට ගෑස් බෙදාහැරීම ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd