
(අංජුල මහික වීරරත්න)
දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිමුත් භාෂිත අතපත්තු මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන අතපත්තු මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වාණිජකරණය සහ හවුල්කාරීත්ව කටයුතු බාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුව, එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට්හි ක්වින්ස් විශ්ව විද්‍යාලය සහ Virtusa සමාගම (කොළඹ සහ බෙල්ෆාස්ට්, එක්සත් රාජධානිය) සේවය කර ඇති ඔහු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) සහ LK Domain Registry අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd