(ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව) ‘
සේරුවිල මංගල රජමහා විහාරයට ස්ථිර විහාරාධිපති නමක් පත් කර ගන්නා තෙක් එහි විහාරාධිපති ලෙස රාජගිරිය කලපාලුව ගෝතම තපෝවනාරාමාධිපති දොඩම්පහල චන්ද්‍රසිරි අමරපුර කල්‍යණ වංශ පාර්ශවයේ මහා නායක හිමියෝ පත් කරනු ලැබ සිටිති.
අමරපුර කල්‍යාණ වංශ පාර්ශවයේ වැඩ බලන ලේඛකාධීකාරි පණ්ඩිත අම්බලංගොඩ සුමේධානන්ද හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුහ.
කල්‍යාණවංශික මහා නිකායේ විධායක සංඝ සභාව ගත් තින්දුව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යප්පෙරුම මහතාට ලිඛිතව දැනුම් දි ඇති අතර එම ලිපිය පිළිගත් බව පත්කල වත්මන් විහාරාධිපති මහා නායක හිමියන්ට හා සේරුවිල ප්‍රාදේශිය ලේකම්වරයාට ලිඛිතව දැනුම් දි තිබේ.
හිටපු විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන් කොවිඩ් 19 ආසාදනය වි ඉන්දියාවේදි අපවත් වීමෙන් පසු සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය හිස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරුවිල රජමහා විහාරාධිපති ධූරයට පත් පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ අති පූජනීය ගුරු දේවයාණන්ට ශ්‍රද්ධාභිවන්දනාත්මකව නමස්කාරය පුදකර සිටිමු... ඉදිරියටත් එවැනි ගෝල හිමිවරන් සසුන්ගත කිරීමට පින්බර ධෛර්යය ලැබේවා..!