(අංජුල මහික වීරරත්න)
ජනතාව මෙලෙස නිකරුනේ දිගටම රැවටුවොත් දේශපාලකයාට ආරක්ෂාවක් නැතිව යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මහජනයා තවදුරටත් රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ තමාම බව දේශපාලකයන් තේරුම් ගත යුතුව ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.
"රට විවිධ අවස්ථා වල වැරදි පාරේ ගමන් කර තියෙනවා.ඒ කියන්නේ ඡන්ද දායකයන්ට දිගින් දිගටම බොරු ඉදිරිපත් කරමින් ජනතාව ඒවා ගැන බලාපොරොත්තු තබා ගනිමින් කටයුතු කර තිබෙනවා.2000 වසරේදී මේ රට කඩා වැටී වසරක් ඇතුළත මැතිවරණයක් පවත්වන්නට සිදුවූයේ ඒ නිසයි.
2014 වසරේදීත් මේ රට කඩා වැටුණේ ඒ නිසයි.දේශපාලන පක්ෂ මින් පසු ආර්ථිකය ගැන හෝ වෙන යම් දේවල් ගැන වැරදි බලාපොරොත්තු ලබාදීමෙන් වැළකිය යුතුයි.ජනතාව මෙලෙස නිකරුනේ දිගටම රැවටුවොත් දේශපාලකයාට ආරක්ෂාවක් නැතිව යාවි.අපගේ දේශපාලන පලපුරුද්දට අනුව නම් රට ඉතා භයානක නරක තැනකට ගමන් කරමින් සිටිනවා" යනුවෙන්ද අබේවර්ධන මහතා කීය.
අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ලේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් කියන්නකෝ, ඔයාගේ කොළඹ තියෙන ගෙදර හදුවේ කාගේ සල්ලිවලින්ද කියලා.
ඇත්ත. ආරක්ෂාව තහවුරු කරගන්න කියලා වස් දොස් යන්න බේරේ වැවෙන් ස්නානය කරලා, නාවික හමුදා කඳවුරක පිහිට, පතන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවකට අසල්වැසි රටක පලා ගිහිං පිහිට ආරක්ෂාව පතන වෙලාවලුත් තියෙනවා. සමහරුන් වාඩිවෙලා ඉන්න පුටුවට තියෙන ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගන්න අහල පහල එවුන්ට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගහන වෙලාවලුත් තියෙනවා.
ඔයා කියනවා වගේ, ඔයාල තමයි ජනතාවට දිගින් දිගටම බොරු පොරන්දු දීලා තියෙන්නේ? කෝ ඔයාලගේ කුලියාපිටියේ ඉඩි කරනවායි කියපු වොක්ස් වැගන් කාර්මාන්ත ශාලාව? කෝ සිංගප්පූරුවට මගුල් කන්න ගියා ඔයාලගේ යාළුවා අර්ජුන් මහේන්ද්‍රන්?
උඹටම කියා ගනින් පරයිනේ!
දැන් බලන්නකෝ අපි දිහා. අපි මේකට ජීවමාන උදාහරණ. බලල ඉගෙනගන්නයි මම මේ කියන්නේ.
ඒකනේ ඔයාලා කුනු කූඩෙට විසි උනේ
මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය යහපාලනේ දාර්මිෂ්ඨ සමාජයක් ආසියවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම කියලා පට්ටපල් බොරු බේගල් ගහලා ජනතාවගේ චන්දෙන් බලයට ආපු දූෂිත දේසපාලුවෝ කරපු දේවල් අපි හොඳාකාරවම දන්නවා .තමුන් කියන මුසාවාදවලට ජනතාව අන්දවන්ඩ බැරිවෙයි.
ඒ කනෙ ඔහෙලට උනේ. දැන් තේරෙනවනෙ.
මෙයාලාට වෙච්ච දෙ මතක් වෙලා ඔය කිව්වේ
ඔහෙලට අද පාර්ලිමේන්තුවේ ආසනයක්වත් ලැබුණේ නැත්තේ ඔහෙලා වගේ අය ජනතාව පිට පිටම රවටපු නිසා තමයි.
හොඳම උදාහරණ ලෙස යු.එන්.පි එක දැක්විය හැක. ඔය ගමන්ම ඒ ටිකත් කියන්න ඕන ...
වජිරා ගොයියෝ, කන්නාඩිය ඉස්සරහට ගිහ්ලා කියා ගනින් බන්.
හොරු දුවන්නෙත් හොරෙක් හොරෙක් කියල තමයි....
1970 සිට ඔහෙලා මාරුවෙන් මාරුවට ජනතාව රැවටුණේ. මතක නැද්ද