( ටී.කේ.ජී.කපිල )
 
රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


අද (15 අලුයම .52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එදින අලුයම 2.40 ට පමණ මෙම අත් අඩංගුවට ගෙන තිබේ.


 මොවුන් රැගෙන ආ ගමන් මල්ලේ  ව්‍යාජ පතුලක් සකස් කර , ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර මෙම ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සඟවා ගෙන තිබී ඇත.


මොවුන් දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 2017 වසරේ සිට මේ දක්වා 08 වතාවක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ .


 සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.