IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘දුක සැප මට හොඳට හුරුයි‘‘

(ගයාන් සූරියආරච්චි)

සියලුම තරාතිරම්වල තනතුරු දැරූ තමාට පොලිසියේ සියලු දුක්ඛදෝමනස්සයන් ඇතුළු අටලෝ දහම හොදින් හුරුපුරුදු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

පොලිස් කොස්තාපල්වරයකු වශයෙන් වසර 4 ක්, පොලිස් පරීක්ෂණ නිලධාරියකු වශයෙන් වසර 7 ක් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිත නිලධාරියකු ලෙස වසර 26 ක සේවාකාලයක් ඇතුළු බදවාගැනීමේ ත්‍රිත්වයෙන්ම පොලිස් සේවයට එක්වූ මට අද දින ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති තනතුරට පත්වීමට ලැබීම පිළිබදව සතුටක්.

නිදහස් අධ්‍යාපනය යටතේ මා මේ තත්ත්වයට පත්කිරීමට උර දුන් නිදහස් අධ්‍යාපනයටත් ඒ වෙනුවෙන් මහජනතාව වැය කළ මුදල් වෙනුවෙන් වගකීමක් සහ වගවීමක් මා හට තියෙනවා.

පොලිසියේ දැක්මට අනුව අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබදව කිසිදු බියකින් තොරව සාමකාමී පරිසරයක් බිහිකිරීම යථාර්තයක් කිරීම සදහා මා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම විනයානුකූල පොලිසියක් හැදීම මා ඉහළින්ම සලකනවා.

වසර 150 ක් පුරා පැවැති ගෞරවණීය පොලිස් සේවයේ පෞඩත්වය නැවත ගෙන ඒම සදහා කළ යුතු සෑම දෙයක්ම කරනවා.‘‘ යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

 



අදහස් (8)

‘‘දුක සැප මට හොඳට හුරුයි‘‘

Nihal Dharmatileke Thursday, 14 August 2025 01:15 PM

ඔබතුමා මේ තනතුරට පත්වීම ශ්‍රී ලංකා පොලිසියේ අභිමානයයි, සුභ පතනවා.

:       5       88

බකල ජයා Thursday, 14 August 2025 01:16 PM

ගෞරවය නැවත ගැනීම, අනේ මන්දා?ගෞරවණීය පොලීසියක් යථාර්ථයක් කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!

:       5       74

අන්_ර Thursday, 14 August 2025 02:28 PM

කියන විදියට හිටියොත් ඉස්සරහට සැප තමයි.

:       11       32

පිටරැටියා Thursday, 14 August 2025 02:53 PM

විනය ගරුක,නීති ගරුක සේවාවක්.ඇති කිරීමට සියලු ශක්තිය ධ්‍යෛර්ය නිරතුරුවම ලැබේවා !

:       2       35

මාලිමාපඟරනැට්ටා Thursday, 14 August 2025 03:08 PM

මාලිමාවට ඕන විදිහට කළොත් ගොඩ

:       51       16

prasanna Thursday, 14 August 2025 03:34 PM

මේකත් බිග් කුච්චන් තමයි

:       42       9

Bunny Preena Thursday, 14 August 2025 04:04 PM

ඔබතුමාට මගේ සුබ පැතුම්. පොලිසියේ නාමය බබලවන්නට ඔබට සියලු ශක්තිය සහ ධෛර්යය ලැබේවා...!

:       3       33

Perakum Liyanagama Thursday, 14 August 2025 05:15 PM

අපේ රටේ කිසි කෙනෙකුට කරන්න බැරි වෙච්ච පාතාලය අනවසර ගිනිඅවි මත් උවදුර පාලනයට ඔබට හැකි වේවායි ඉත සිතින් පතමු. ජයවේවා…!

:       2       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site