(පත්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටි කළපුවේ කාක දූපත ආසන්න කන්දකුඩා ප්‍රදේශයේ එළා තිබු, ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු, කූඩු දැල් නම් නීති විරෝධී දැල් කට්ටල 150 ක් අද පෙරවරුවේ සිදු කළ මෙහෙයුමේ දී අත් අඩංගුවට ගත් බව පුත්තලම ධීවර කාර්යාලය කියයි.
කලපු පරිසරයට දැඩි හානි ගෙන දෙන මෙම දැල් විශේෂය භාවිතය හෝ සන්තකයේ තබා ගැනීම තහනම් බව ධීවර කාර්යාලය කියයි.
මෙම දැලින් කළපුවේ පතුලට බරපතළ හාණියක් සිදු වන බවත් එම දැලට ඉතා කුඩා මත්ස්‍ය පැටවුන් දහස් ගණනක් හසු වීම නිසා විශාල මසුන් බවට පත්වීමට නියමිත මසුන් කුඩා අවදියේම විනාශ බවත් සමස්ත ධීවරයින්ටම බළපාන ගැටලුවක් බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා කියයි.
මෙම දැල් ව්‍යාපාරික ජාලයකින් ක්‍රියාත්මක වෙන්නක් දැලක දළ වටිනාකම රුපියල් තිස් දාහක් පමණ වෙනවා.ලොකු මුදලාලිලා මේ දැල් හදලා කම්කරු ධීවරයින්ට කුළියට දෙනවා.ඔවුන් වැඩ කරන්නේ දවස් කුළියට.මත්ස්‍ය අස්වැන්න මුදලාලිට." යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ සහකාර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් වික්‍රම ආරච්චි මහතා පැවැසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි