(ලක්මි කුඩලිගම)
ගෑස් මිළ ඉහළ යාමත්, දිනකට පැය දහයක් ඉක්මවා විදුලිය කැපිල්ලත් සමග රුපියල් 20ට 30ට අළෙවි කළ කුඩා දර මිටියක මිළ රුපියල් සියය දක්වා විශාල ලෙස ඉහළ ගොස් ජනතාව කබලෙන් ළිපට වැටි ඇතැයි මේ දිනවල දර ලිප භාවිතා කරන ජනතාව පවසති.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ,බුලත්සිංහල, මතුගම,අළුත්ගම ,දර්ගා නගරය, ඇතුළු නගර ගණනාවක වෙළෙඳසල්වල අලෙවිවු කුඩා දර මිටියක මිල රුපියල් 80 ත් 100 ක්වා ඉහළ දමා ඇතැයි පාරිභෝගික ජනතාව කියති.
අඩි එකහමාක්, දෙකක් දිග අගල් දෙකක පමණ වටප්‍රමාණ යෙන් යුතු දර කැබලි හයක මිටියක් ම්ට මාස කිපයකට අලෙවි වුයේ රුපියල් විස්සත් ,තිහත් වැනි මිලකට වුවත් .එවැනි දර මිටියක් මේ වනවිට රුපියල් අසුවක් ,සීයයක් වැනි මිලකට අලෙවි වේ යැයි දර ව්‍යාපාරිකයෝ කියති.
විශාල ලෙස දර සදහා ඇතිවු ඉල්ලුමත් සමග අවශ්‍ය තරම් දර සපයා ගැනිමට නොහැකි තත්වයක් ද මතුව ඇතැයි දර ව්‍යාපාරිකයින් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් දර වලින් උයන්න පුරුදු උනා. ගෑස් මාස 6කින් මිලදී ගෙන නෑ. කාර් එක විකුනුවා. දැන් මට පෙට්රෝල් පෝලින් නෑ . හැබයි ජොබ් එකත් නැති වුනා නේ වැඩට යන්න බැරුව. ලීස් එක සෙට්ල් කරාම පොඩි ගානක් ඉතුරු උනා. ක්‍රෙඩිට් කාඩ් බිල් සහ පොඩි ණය ගෙවලත් තවත් සල්ලි ඇති තව මාස 2ක් ජීවත් වෙන්න. ජොබ් එකක් නැති නිසා (ප්‍රයිවට් කොම්පැනි සේවකයෙක් නිසා) දැන් මාගේ බජට් ප්ලෑන් එක මාස 2 කි. SLT PEO TV කැන්සල් කලා. ඩේටා අයින් කලා . කොටින්ග් ම Fixed ලයින් එකම අයින් කරන්න තීරනය කලා. රුපියල් 6000.00 ක් ඉතුරුයි. මොබයිල් එක තිවනවානේ දැනට ඒ ඇති. ප්‍රිජ් එක ඕෆ් කරලා තියෙන්නේ; කොහොමත් ලයිට් නෑනේ. මස්, මාලු බිත්තර ගන්නේ ම නෑ. දැනට හාල්මැස්සෝ විතරක් කනවා. බටර් චීස් ලමයින්ටවත් ගේන්නේ නෑ.කිරි තියෙනවාද කියලාවත් හොයනේ නෑ. බබාගේ කිරි පිටි පැකට් එක විතරක් ගන්නවා. හැබැයි දවසට එක පාරයි ඌට දෙන්නේ. ප්‍රින්සිපල් ට පගාව දෙන්න සල්ලි තිබ්බේ නැති නිසා දුවට ස්කෝලයක් නෑ. මමත් බිරිද ත් රජයේ රැකියා හොයපු නැති උපාධ් දාරියෝ නිසා ගෙදර ඉන්දන් උගන්වන්නවා. දින දෙකට වරක් කි.මී. 5 ක් පයින් ගිහින් බඩු බඩු ගේනවා. සත්‍ය සිදුවීමක්