(ඉන්දිකා රාමනායක)
තිස්සවැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතුවල නිරත චීන සමාගමකට අයත් සේවකයන් පිරිසක් ඇද සිටි හමුදා නිළ ඇදුමට සමාන ඇදුම අදාල විදේශ සමාගමේ සේවකයන් භාවිතා කරන ඇදුමක් බවත්, එම සේවකයන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන බවත් චීන තානාපති කාර්යාලය සනාථ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ විමසුමකදී මේ බව සනාථ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඉදිරියේ දී මෙවන් ඇදුම් ඇදීමෙන් වළකින ලෙසට අදාල ආයතනය දැනුවත් කරන ලෙසට ආරක්ෂක ලේකම්වරයා චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනයේ නගර පිරිසිදු කළෙත් කොටි නෙමෙයි කියලත් දාන්න.
හොරාගේ අම්මගෙන් පේන අහලා හරි සතුටින් කියනවා..!!!
පුරා විද්‍යාවෙන් අවසර නැතිව මේ වගේ සුළු ව්‍යාපෘතියකට චීන්නුම ගෙන්නුවේ මොකක්හරි කොස්සක් තියෙන නිසා.
මාර වැඩේ කියන්නේ ඔය වැව හැදුවේ අවුරුදු දහස් ගණනකට කළින් උදැල්ලෙන්.. අවුරුදු දහස් ගාණක් කිසිම ප්‍රශ්නයක් නැතිව පැවතුණා. නමුත් හදිසියෙන්ම සුද්ද කරන්න වුවමනාවක් ආවා චීන්නු දාලා... මේවගේ සුළු දෙයක් කරන්න චීන්නු ගෙන්නුවේ.. ලංකාවේ ශ්‍රමය නැද්ද?
නෝනාවරුනි, මහත්වරුනි තිස්ස වැව සුද්ද කරන්න... ලංකාවේ මිනිස්සුන්ට රස්සා නැතිනම් චීනාගේ පෝට් සිටියේ ලංකාවේ අයට රස්සා ලැබෙයිද? මොහොතකට හිතන්න...
අවුරුදු දහස් ගාණක් ජලජ ජීවීන්ගේ විවිධත්වයෙන් හද ගැන්වුණු වැවක් මහ යන්ත්‍ර සූත්‍ර දාලා හානි වෙන විදිහට හාරලා පෙරලා ගත්තාම වෙන හානිය කොච්චරද කියලා හිතන්න මොලයක් මේ නායකයෝ කියන මිනිස්සුන්ට නැතිවීම රටේ කරුමයක්..!!!
කෝ මේක විවෘත කළ ඇමැති...?
අද නියන් සමයේ ඉක්මනින්ම රජරට වැව් සිදී ගොස් ගොවිතැන් සඳහා ජලය නොමැති වන්නේ වැව්වල රොන්මඩ පිරී ගොඩ වී ඇති බැවනි. එබැවින්, මෙවැනි රටට වැදගත් ව්‍යාපෘති තව දුරටත් පුළුල්ව සිදුකල යුතුයි.
හොරාගෙ අම්මගෙන් පේන අහල, උන් එව්වට උත්තරත් දෙනව. හොයන්න ඕනෙ මේ වගේ පොඩි වැඩත් ඇයි චීනෙට දුන්නෙ කියන එකයි ... ඔය වගේ පොඩි වැඩක් වත් දැන් ලන්කාවෙ අයට කරගන්න බැරිද ...