කොළඹදීය (රොයිටර්ස්)
පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කරන ලද කණ්ඩායම ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද (30) ප්‍රකාශ කළාය.
ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ මාසය ලෙස සැලකෙන රාමදාන් මාසය ලබන සඳුඳා (6) ආරම්භ වීමට නියමිත අතර එය ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ කණ්ඩායම තවත් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇතැයි මෙරට ආරක්ෂක අංශ ද අනතුරු අඟවා ඇත.
“බෝම්බ ප්‍රහාර සැලසුම් කළ පිරිස් සහ ඒවාට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් මේ කතාව ඉවර නැහැ” යැයි මෙරට ඇමෙරිකානු තානාපතිවරිය රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවාය.
“තවමත් සක්‍රීයව සැලසුම් සිදුවන බව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්” යැයි ද ඇය පැවැසුවාය.

“මේ ප්‍රහාර පිටුපස සිටින සක්‍රීය කණ්ඩායම තවමත් සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා තවත් ප්‍රහාර එල්ල වේවි කියලා හිතන්න අපට හේතු තිබෙනවා” යැයි ද ඇය කීවාය.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතන ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන අතර එම ආයතනයේ කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
මේ අතර ආරක්ෂක අංශ සහ පොලිසිය තවමත් සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බැවින් දින කිහිපයක් යනතුරු ආරක්ෂාව උපරිම මට්ටමින් පවත්වා ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් බුද්ධි අංශ නිලධාරියෙක් පැවැසීය.
055
ඡායාරූප - (රොයිටර්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බලන පොලිස්පතිටත් අනිවාර්ය නිවාඩු අරියිද ?
අපේ වැඩ වලට ඔයා අත දාන්න ඕන නෑ, අපිම බලාගන්නම්.
එහෙම දැන්මම මේ කතාව ඉවර කරලා කොහොමද නේද? අනේ ඇලෙයිනා, අවුරුදු ගාණක් සැලසුම් කරලා කරලා පටන් ගත්ත කතාවක්... එහෙම කොහොම ඉවර කරන්නද? ඉතින් දැන් ඔයාලගේ හමුදා කාණ්ඩේ ලංකාවට ආවද? තව ඔයිට වඩා ලොකු කාණ්ඩයක්, ඊටත් පස්සේ හමුදා කඳවුරක්, ඊටත් පස්සේ තව තවත් කඳවුරු - කතාව තව යන්න එපැයි ඉතින්...
මෙම අයගේ සහයෝගය කොටි ගහන කාලේ කොහේද තිබුනේ...? තාමත් හමුදාවට නඩු දමනවා.
"...මේ කතාව සම්පුර්ණයෙන්ම ඉවර නැහැ..." කියලා මෙයා කියන්න හේතුවක් තියෙනවා. ඒ වෙන මොනවත් නොවෙයි අයිසිස් සංවිධානය යේ නිර්මාතෘවරු ඇමෙරිකාව නිසයි. කතාව සම්පූර්ණ වන්නේ ලංකාව සම්පූර්ණයෙන්ම විනාශවීමෙන් පසුබව මෙයා දන්නවා. එ්ක තමයි මේ අයගේ සැලැස්මත්... ඉන්පසු රටේ ආරක්ෂාවට කියලා මේ ගොල්ලන්ගේ හමුදාවත් නේටෝ හමුදාවත් ගොඩ බස්සවයි. ඉන්පසු කියාවි මේ රටේ ඉන්න " රූකඩ" ආණ්ඩුවට.. මෙන්න මේ කොලවල අත්සන් කරන්න.. ඔය ගොල්ලන්ගේ ජනතාවට අපි ආධාර කරන්න තීරණය කළා " කියලා. අපේ රටේ ඉන්න පාවා දෙන්නන් ඊට අත්සන් කරාවි" ... දැන් හරි.. කොළඹ වාරයේ සිට ත්‍රිකුණාමලය තෙක් අක්කර ලක්ශ 20ක පටිය අපිට ඔයගොල්ලෝ සින්නක්කරවම පවරාදුන්නා. අපි ඒ වෙනුවෙන් ඔය ගොල්ලන්ගේ ආරක්ෂාව සහතික කරනවා." කියලා කියාවි. එම්.සී.සී. හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමින් යුත් ප්‍රොජෙක්ට් එක යටින් දිවෙන තිත්ත ඇත්ත මෙයයි මහත්වරුනේ...
අපිව බයකරලා ඇමරිකන් හමුදාව එවන්නද හදන්නේ?
ISIS වැනි මිනීමරු කල්ලි බිහිකිරීමේ වගකීම ඇමෙරිකාවටත් තිබෙනවා. මේකෙන් සිදුවුනේ අපේ රටත් අනාරක්ෂිත වීමයි.
කොටින්ව ඉවර කරපු ලංකාවේ හමුදාවට මේක ඉවර කරන එක ලොකු වැඩක් නෙමේ.. මුස්ලිම් අන්තවාදී දේශපාලකයින්ව අත්අඩංගුවට ගන්න ආණ්ඩුව ඉඩ දෙනවා නම් මේ අන්තවාදය මෙතැනින්ම ඉවර කරන්න පුළුවන්. කොහොම වුනත් ඇමෙරිකාවේ ඇඟිලි ගැසීම් නම් ඕනේ නැහැ. කොටින්ව ඉවර කලේ ඔය කිසි සහයක් නැතුවයි.. අපි තනියම.. අපිට ඕනේ හරි නායකත්වයක් විතරයි.. පුළුවන් නම් මෙයාලා බලයි ත්‍රස්තවාදය නැතිකළොත් කොහොමද හමුදාවට විරුද්ධව නඩු දාන්නේ කියලා.. ඇමෙරිකාව ලැජ්ජාවෙන්න ඕනේ මේ වගේ දක්ෂ, එඩිතර හමුදාවකට නඩු දාන්න ඉදිරිපත්වීම ගැනම..
ජාතක කළ අය තමයි පුතුන්ගේ තරම දන්නේ...