
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ තවත් පනත් කෙටුම්පත් පහකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.
කතානායකවරයා මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහාය.
පාර්ලිමේන්තුවේදී පසුගිය 9 සහ 10 යන දෙදින මෙම පනත් කෙටුම්පත් සම්මත විය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත් ඊයේ සිට බලාත්මකවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මොන පනත ගෙනාවත් මෙයා අත්සන් කරනවා...