(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 4 දෙනකු ඊයේ (30) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,477 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර, වයස අවුරුදු 60 ට වැඩි දෙදෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර ‍දෙදෙනකු වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය තිදෙනකු සහ කාන්තාවන් එක් අයකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.