(යොහාන් භාසුර)
තවත් සමාගම් තුනකින් ආනයනය කළ පොල්තෙල් දෙවැනි තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.
ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා මෙම පොල්තෙල් දෙවැනි වරටත් සිදුකළ තත්ත්ව පරීක්‍ෂණය ද අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරියෙක් කීය.
සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් පෙර දිනයේදී තවත් සමාගමක ද දෙවැනි සම්පලයත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් ඔහු සඳහන් කළේය.
අදාල ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොග ප්‍රතිඅපනයන කරන ලෙස රේගුවට උපදෙස් දී ඇති බවත් හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අර මගේ රට හදන්න ආපු නරි රැල? කෝ අතුරලියේ හිමි? බොරු සේනා. දැන් විද්‍යාත්මකව ඔප්පු වී හමාරයි මේ මහා අපරාධයක් බව...
කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් වර්ගයේ නම හෝ නම් අපට කියන්න පුළුවන්ද? ඒකෙන් තුට්ටු දෙකට කටට රහට රස මසවුලෙන් බඩ කට පිරෙන්න කන බොන පින්බත් රජාලා කාටවත් තවම කිසිම පිළිකා වගේ ලෙඩක් හැදිලා නැති නිසා ඒ පොල්තෙල් කිසි බයක් සැකක් නැතුව අපටත් භාවිතා කර සුබ නව වසරක් සමරන්න පුළුවන් වෙයි. ඒකයි ඇහුවේ...
ඔයා නැවැත්තුවාට ළඟදීම ආයෙත් පොල්තෙල් ගෙන්නන්න දෙයි. නැතිනම් අර පිළිකා බෙහෙත් හදන්න පටන් ගන්න අවසර දීපු සමාගම බංකොලොත් වෙනවනේ.