(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට නොපමාව ක්රිියාකරන්නැයි මුදල් අමාත්යාං ශය භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට බොහෝ ආයතන ක්රි්යා කර නැතැයි මුදල් අමාත්යාං ශයට පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇතැයි පැවසේ.අමාත්යාං ශය මූලික පියවරක් ලෙස මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ අනුවය.
තවද ඉන්ධන මිල අඩු කිරීමේ සහනය ජනතාවට පුළුල් අයුරින් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රිඉයාත්මක කිරීමට මුදල් අමාත්යාංශශය තීරණය කර ඇත.
මේ අතර ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව සහල් මිලද යම් ප්රරමාණයකින් අඩු කළ හැකි බව පාරිභෝගික සංගම් පෙන්වා දෙයි.
ඔක්ටෙන් 92 පෙට්ර ල් ලීටරයක් රුපියල් 60 කින්ද ඔක්ටේන් 95 පෙට්රෙල් ලීටරයක් රුපියල් 135කින්ද , සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින්ද පසුගියදා අඩු කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියලා හරියන්නේ නැහැ... වහාම ක්‍රියාත්මක විය යුතුයි. කලින් තෙල්මිල වැඩිකරද්දී භාණ්ඩවල තිබුණු මිල අරගෙන තෙල්මිලට සාපේක්ෂව වැඩිකළ මිල හොයන්න. එම මිලට සාපේක්ෂව නව සංශෝධිත තෙල්මිලට අනුව අඩුවිය යුතු මිල එම ආයතනවලට දැනුම් දිය යුතුයි. මේ රටේ ඒ විදිහට කවද්ද වැඩක් කළේ...?
බේකරි නිෂ්පාදකයින් කියනවා නේද සහන දෙන්න බැහැ කියලා? ඒ වගේම සමහර වෙළෙන්දෝ. හැබැයි තෙල් මිල පොඩ්ඩක් වැඩි වුණොත් රෙදි කරට අරගෙන එනවා නේද? රජය මේ මිනිස්සුන්ව නියාමනය කළයුතුයි. නැතුව කලින් ජනපති වගේ විතරක් නම් වැඩක් නැහැ...
විදුලිබල මණ්ඩලයට කිව්වා නම් හොඳයි... බිල් අඩුකරන්න කියලා... එතකොට කට්ටියම ගාස්තු අඩුකරයි.
පාසල් වෑන් වලින් රුපියලක්වත් සහනයක් දෙමවුපියන්ට ලබුනෙ නැහැ. මෙක තනිකරම අහිංසක අම්ම/තත්තගෙ සල්ලි කොල්ල කෑමක්. මෙව නියාමනය කරන්න ලංකාවෙයි අන්ඩුවක් නැද්ද?
මේ අය අමු මැට්ටෝ ජාතියක්... දැනටමත් වැඩි මුදලට ගෙනාපු තෙල් ඊයේ ලෝකේ තෙල්මිල අඩු වුණා කියලා අද අඩුමිලට දෙන්නේ කොහොමද කියලා හිතන්න බැරි අමනයින්...