(සුජිත් හේවාජුලිගේ )
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ මුල් මාස අටේදී පමණක් රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
රාජ්‍ය ආයතනවල සමස්ත පාඩුවෙන් සියයට 99ක් ජනනය කර ඇත්තේ මේ ආයතන තුන බව පැවසූ මන්ත්‍රීවරයා එම ආයතන තුන වර්ෂ ගණනාවක් තිස්සේ අලාභ ලබන තත්වයක පවත්වාගෙන යෑම හේතුවෙන් විශාල ණය බරක් ඇතිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.
රටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 පසුගිය වසරේ මුල් මාස අට තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි හැත්තෑ දෙදහස් හය සීයක් (72,600) බවද ඔහු සඳහන් කළේය.
මෙම ආයතන පනස් දෙකෙන් රාජ්‍ය ව්‍යවසායන් 32 ක බදු අය කිරීමට පෙර ලාභය රුපියල් කෝටි 13400ක් බවත් ඉතිරි රාජ්‍ය ව්‍යවසායන් විසි එක රුපියල් කෝටි අසූ හය දහස් එක සීයක(86100) අලාභයක් වාර්තා කර ඇති බවත් වලේබොඩ මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය මූල්‍ය අවදානම අවම කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය මත පදනම්වූ මිලකරණයකට යෑමේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පෙන්වා දෙන බව පැවසූ හෙතෙම මෙම ආයතන නගාසිටුවීමේ එකම මග පුද්ගලීකරණය නොව රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය (PPP) යටතේ කටයුතු කිරීම බවද පෙන්වා දුන්නේය.
මේ අතර 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය එම වසරේ දෙවැනි කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කුමක් වුවත්, මේ ආයතන වහාම විකුණා දැමීම වරදක් නොවේ. රටේ සල්ලි ගිල්ල හා ගිලින මේ දැවැන්ත සුදු අලි විකුණා දැමීම කිරීමට පියවර ගත යුතුව තිබුණේ මීට පෙරාතුවයි...
තෙල් සහ විදුලිය පාඩු ලබන්නේ අනෙකුත් රජයේ ආයතන වලට ණයට දීමෙන්...
මුළු ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 6000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 13 ක් ඉතිරි කල හැක. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවය ( විදුලිබල මණ්ඩලයට හැර) බිලියන 3 කි. එනමි උපරිම ලීටරයකට රු. 4.25 ක් අඩුකල හැක. මුළු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 24000 ම වැටුප් සහ දීමනා නොලබා සේවය කල හොත් වාර්ෂිකව බිලියන 57 ක් ඉතිරි කල හැක. වාර්ෂික විදුලි අවශ්‍යතාවය ඒකක බිලියන 17.59 කි. එනමි උපරිම ඒකකයට රු. 3.24 ක් අඩුකල හැක. පුද්ගලිකකරනයෙන් ඔය හිතාගෙන ඉන්න වාසි ලැබෙන්නෑ. කුහකත්වය අතහැර ආනාගතය ගැන හිතන්න. පුද්ගලික ව්‍යාපාර ඔය කියන විදිහට ක්‍රියා කරනවද? කරල තියනවද?