(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල වැඩි කිරිම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති සමාජ කොටස් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඇමතිවරුන් පිරිසක් කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත .
ඛනිජ තෙල් සංස්ථා ව මුහුණදී තිබෙන දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල වැඩි කිරීම හැර විකල්පයක් නොමැති නමුත් ,ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති සමාජ කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත .
විශේෂයෙන්ම ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් ,ඉන්ධන සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මිල වැඩි කරන්න කළින් හිතන්න තිබුණා. කෝ අපි එවපු වියත් මගේ කට්ටිය මොනවත් උපදෙස් දෙන්නේ නැද්ද? එයාලා නිදි අනේ... අපේ ජාතික ධනය ඉවරයි... මේ මිනිස්සු පාර්ලිමේන්තුවට එවලා...
අපේ ඔක්කොම දේවල් කරන්නේ ප්‍රශ්න වුණාට පස්සේ... තෙල් මිල වැඩි කරන්න කළින් එපැයි එන ප්‍රශ්නවලට උත්තර හොයන්න.
සාගර මහතාගේ ප්‍රකාශය නිවැරැදි නම් ගම්මන්පිල මහතා වැරදිය. ගම්මන්පිල මහතා නිවැරදි නම් සාගර මහතා වැරදිය.. එනම් මොවුන් දෙදෙනාගෙන් කවුරුන් හෝ කෙනෙක් වැරදි බව සහතිකය.. වැරදිකරු සොයා බලා වැරදිකරුට සුදුසු දඬුවමක් ලබා දී පක්ෂ නායකයින් ආදර්ශමත් වනු ඇතැයි අපි බලා සිටිමු.
ලෝක වෙළද පොලේ තෙල් මිල ඉහළ යනකොට ලංකාවෙත් මිල ඉහළ යවන්න සිදුවෙනවා නම් ලංකාව පාලනය කරන්න ආණ්ඩුවක් මොකටද කියලා එවකට රජය සිටියදී ප්‍රශ්න කරපු විමල් වීරවංශත් මෙදා තෙල් මිල ඉහළ යවන අනු කමිටුවේ සිට සහාය පලකළාලු..දෛවයේ සරදමක්ද?
තෙල් මිල අහස උසට වැඩි වුණත් දේශපාලකයන්ට කිසිම අවුලක් නැතුවා.. ජනතාවගේ බදු මුදලින් යැපෙන, ලේ මාපිල්ලු .
1970 ගණන්වල ලීටරයක් රු. 1. 10 තිබුණු පැට්‍රල් තමයි, 2021 ලීටරය රු. 157ක් වුනේ...