නවදිල්ලියේදීය (රොයිටර්)
ඕමාන රජයට අයත් ‘ඕමාන් ඔයිල්’ සමාගම හම්බන්තොට ඉදි කිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ සියයට 30 කට හිමිකාරීත්වය කීමට පැහැදිලිවම කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (21) ප්‍රකාශ කළේය.
“දෙපාර්ශ්වයේ එකඟත්වය පරිදි ඕමාන් ඔයිල් සමාගම ව්‍යාපෘතියේ සියයට 30ක හිමිකාරීත්වය ලබාගැනීමට සූදානම් බව ස්ථීරවම ප්‍රකාශ කර තිබෙනවා” යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එමෙන්ම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුතෙල් ලබාදීමට ඕමානයේ තවත් සමාගමක් වන ‘ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල්’ සමාගම කැමැත්ත පළ කර ඇතැයි ද පිරිපහදු කරන ලද තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරණය කිරීම සඳහා ද එම කැමැත්ත පළ කර ඇතැයි ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd