
(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
අනුරාධපුර කවරක්කුලමේදී ත්‍රිරෝද රථයක් බෝක්කුවකට පෙරළීමෙන් මව සහ දියණිය මරුමුවට පත්ව පියා සහ පුතා තුවාල ලබා ඇතැයි අනුරාධපුර කවරක්කුලම පොලිසිය කියයි.
දඹුල්ල සිට අනුරාධපුර බලා ධාවනය කළ එකක් බවත් එහි රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පාරේ බෝක්කුවක් තුළට පෙරැළී සිර වී ඇති බවත් පොලිසිය කියයි.
පියා සහ පුතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd