IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රි’මලේ රෝහලට ජපානෙන් ලොකු තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JAICA) මගින් ත්‍රිකුණාමලය රෝහලට අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයක් (Incinerator) පරිත්‍යාග  කර තිබේ.

ආසාධිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද මෙම යන්ත්‍රය අනිද්දා (5) ජනතා අයිතියට පත් කෙරෙයි.

ජපාන පුරවැසියන්ගේ සහ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ජපන් යෙන් මිලියන 503 ක මූල්‍ය  ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ තවත් රජයේ රෝහල් 14ක ආසාධිත අපද්‍රව්‍ය කළමණාකරණ ඒකක පිහිටුවීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනූව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අමතරව රත්නපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් දෙකටත්, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට,මන්නාරම සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් පහටත්, රිකිල්ලගස්කඩ, මහියංගනය, පුත්තලම,මීරිගම, මැදිරිගිරිය,වැලිකන්ද  යන මූලික රෝහල් හයටත්, නාකුලුගමුව දිසා රෝහලෙත් මෙම අති නවීන ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර ස්ථාපි කර ඇත. 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති  ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයෙන් පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 162 ක් දහනය කිරීමේ හැකියාව ඇතැයි බෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මෙවැනි යන්ත්‍ර 5ක්  සහ පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 58 ක් දහනය කළ  හැකි යන්ත්‍ර 10 ක්  මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය. රෝහලේ අවශ්‍යතාවය අනූව මෙම යන්ත්‍ර ස්ථාපනය කර ඇත.



අදහස් (0)

ත්‍රි’මලේ රෝහලට ජපානෙන් ලොකු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site