නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් හෙට (21) නම් කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පැවැසීය.
ඒ අනුව එම නාමලේඛනය අද දිනයේම පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 7 දෙනෙකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක කියනවා ආණ්ඩු පක්ෂයක් නැහැලු, මහින්ද කියනවා අගමැති එයාලු, රනිල් කියනවා එයාලු, විකාරයක් මේක නම්. මටනම් හිතෙන්නේ උපරිමාධිකරණයේ තීන්දුව දෙනතුරු සභාවක් අනවශ්‍යයි. උපරිමාධිකරණයේ තීන්දුව ජනාධිපතිගේ තීරණය නිවැරදිනම් මහා මැතිවරණය පැවැත්වෙනවා. උපරිමාධිකරණයේ තීන්දුව ජනාධිපතිගේ තීරණය වැරිදි බවනම් කතානායකට හෝ මෙරටේ ඕනෑම පුරවැසියෙකුට අවස්තාව තිබෙනවා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංගයට අනුව ජනාධිපති විසින් කටයුතු නොකිරීමට එරෙහිව ගරු අධිකරණයෙන් යාමට. එසේ නොමැතිනම් සභාවේ බහුතර බලය හිමි කණ්ඩායමට ආණ්ඩුව පිහිටුවීමට අවස්තාව දිය යුතුයි. දවසින් දවස බොරුවට පාලිමේන්තුව රැස්වීමෙන් වෙන්නේ අපේ රට තව තවත් ජරා ජීර්ණ වීමයි. අනෙක් අතින් නිකරුනේ මුදල් නාස්තියක්. මිනිස්සුන්ට දැන් මේක අප්‍රසන්නයි.