(අජන්ත කුමාර අගලකඩ)
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති කාර්යාලයේ අද (14) පැවැති රැස්වීමේදී මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
ඒ අනුව එම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද නියමිතය. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කර ගැනීම සඳහා තමා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඉකුත් දා මාතලේ අලු විහාරයේ පැවැති රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.
මේ අතර ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
එම සාකච්ඡාවට බෞද්ධ රටවල තනාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ නිකමට අහන්නෙ. බයිබලය සහ කුරානය ලෝක උරුමයන්ද?
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. දැන් ඉතින් ඊට පස්සේ ත්‍රිපිටකයට මොකද සිද්ධ වෙන වෙනස ? අගය වැඩි වෙනවද? රටේ තත්වේ යහපත් වෙනවද?
ඉතා ප්‍රසංශනීයයි. ඒවගේම උතුරු නැගෙනහිර පළාත්වලට නව ආණ්ඩුකාරවරයා එම පළාත්වල බුද්ධාගම්කරණය කිරීම නවත්වන ලෙස කරන ලද ප්‍රකාශය ගැනත් සැලකිල්ලක් දක්වන්න.
ලෝක උරුම කරන්න ඉස්සර වෙලා රටේ අග නගරයේ බෞද්ධ අයිතීන් සුරකින ලෙස අපි බල කරන්නෙමු නගරයේ ප්‍රධාන කාර්යාල තුල බුදු පිළිම පවා අකැප වී ඇත