(යොහාන් භාසුර)
මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම සිද්ධිය පිළිබඳව මේ දක්වා නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුවද ජනමාධ්‍ය වාර්තා සහ සෙසු වාර්තා පදනම් කරගෙන පරීක්‍ෂණය ආරම්භ කරන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
සිංහල සහ දමිල අලුත් අවුරුදු සමයේ මාතර සුපිරි හෝටලයක පැවැති සාදයකදී චෝදනා එල්ල වන වමත් පිතිකරු එම සාදයට සහභභාගි වී සිටි තරුණියකට බීමතින් අතවර කිරීමේ සිද්ධියක් මේ වන විට දැඩි කථා බහට ලක්ව තිබේ.
මාතර මූලස්ථාන පොලිසියෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එවැනි සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද ක්‍රිකට් ගහන හැටි...?
මේ වාර්තාව නිකන් අන්ධයින්ට කිරිවල සුද කියා දෙනවා වගේ වැඩක්... නමක් නැතුව මොකට දානවද මන්දා...?
මේ අය නිදහස් වෙලා ආවම නඩු දාන්නේ මේවාට. ඒවා දන්නේ නැති අය බයිලා ගහනවා...
අද කාලේ මාධ්‍ය පවා කරන්නේ "ලොකු අතු" රැකීම හා "පොඩි අතු" හෙළි කිරීමක්. අපක්ෂපාතී "නමට" සම්මාන කෝටියක් ලැබුණත් යථාර්ථය මෙම ලිපියෙන් පැහැදිලි වේ.
මේ වගේ පුවත් මොකට දානවාද මන්දා
රටක විනයක් නැති තැන ක්‍රීඩාවේ හෝ ක්‍රීඩකයකුගේ විනයක් තිබේවිද??
ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව බල්ලාට ගිහින් තිබුණේ බල්ලෝ ක්‍රිකට් ගහන්න ආව නිසා