
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
සිදුව , ලියනගේමුල්ල ප්‍රදේශයේ දී දුම්රියේ ගැටුණ ආණමඩුව නවගත්තේගම වෙලේවැව තරුණයකු මරණයට පත්ව ඇති බව පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙ පදිංචි 21 හැවිරිදි ඩි.එම්.දම්සර දිසානායක නැමති තරුණයෙකී.
මෙම තරුණයා වෙලේවැව විජය විද්‍යාලයෙ 2023 වසරේ ප්‍රධාන ශීෂ්‍ය නායකයා ලෙස කටයුතු කර ඇති අතර අපොස උසස් පෙළට පෙනි සිටිමේන් පසු පවුලේ ආර්ථික තත්වය හේතුවෙන් තම රෝගීව සිටි මව්පියන් වෙනුවෙන් කටුනායක රැකියාවකට ගොස් සිටියදි මෙලෙස අවාසනාවන්ත ලෙස දුම්රීයේ ගැටි මරණයට පත්ව තිබේ.
අදාල තරුණයා නැවති සිටි ලියනගේමුල්ල නැවතුම් ස්ථානයෙ සිට උදෑසන තේ පානයට හකුරු රැගෙන ඒමට දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී එක් දුම්රීයක් යන තුරු මාර්ගයෙන් ඉවත්ව පසුව නැවත මාර්ගය මාරු විමට කටයුතු කරමින් සිටියදී අනෙක් දුම්රීය මාර්ගයෙන් පැමිණ දුම්රීයේ අවාසනාවන්ත ලෙස ගැටි ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ තරුණ ජීවිතයක්. ඉවසීමක් නැතිකම සහ විමසිලිමත් නොවීම තමයි ප්‍රධාන හේතුව...