(යොහාන් භාසුර)

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස බ්‍රිග්‍රේඩියර් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා මහතා පසුගියදා වැඩ ආරම්භ කළේය.

තිරාන් මහතා මීට පෙර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ මර්චන් බැංකුවේ අධ්‍යක්‍ෂවයෙක් ලෙස, ආරක්‍ෂක අමාත්‍යංශයේ පරීක්‍ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ යුද හමුදා තොරතුරු තාක්‍ෂණ මධ්‍යෂ්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ.

තිරාන් මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ පරීක්‍ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සහ යුද හමුදා තොරතරු තාක්‍ෂණ මධ්‍යස්ථානයේ මේ දක්වා පත්වූ ලාබාලතම අධ්‍යක්‍ෂවරයා ද වේ.

පානදුර රාජකීය විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ඕස්ටේ්‍රලියාවේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා තිරාන් මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කළේය.