මහින්ද නිශ්ශංක
ත්රීරෝද රථ දෙවන කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව හෙට (1) සිට රුපියල් 5.00 කින් අඩු කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රී රෝ රථ සම්මේලනය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට රුපියල් 50 ක් වන දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 45 ක් දක්වා අඩුවන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.
ඉන්ධන මිල සුත්රය අහෝසි කරන බවට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්රකාශ කිරිම අනුව එතුමා ගැන විශ්වාසය තබා මෙම තීරණය එළඹී බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රිවීල් ගාස්තු අඩුවෙන, ආපන ශාලා කෑමමිල අඩුවෙනවා... හිතාගන්න බැහැ. කොහොමද එහෙම වෙන්නේ සහ කී දවසකටද කියලා..
මහින්ද වටේ ඉන්නේ ඉතින් ත්රිවීල් කාරයොයි, ආපනශාලා හිමියෝයි... අර වීරවංස, ප්රසන්න රණවීර වගේ කිසිම වැදගත්කමක් නැති මිනිස්සුයි තමයි. මේකෙන්ම පේනවා මෙයාලා බොරුව කරන්නේ කියලා..
2015 සිට වරින්වර අවස්ථා කීපයකදීම ඉන්ධන මිල අඩුකලත් ත්රීවිල් ගාස්තු නැග්ගුවා මිස අඩුකලේ නැහැ. පසුගිය සිකුරාදාට පසු තෙල්මිල අඩුවුනේ නැහැ. මෙයින් පෙනෙන්නේ මොවුන් රටට වැඩිය පක්ෂයට ආදරය බවයි.
2නේ කිලෝමීටරයට තිබ්බේ... 40-50 වුනේ නැහැනේ. තාමත් බලන්නේ ගසාකන්න.. අනේ මෙහෙමත් අය...
රනිල් මහතා එලවන්න දුප්පත් මිනිහගේ පේන්ටියට හා ත්රීවීල් ගාස්තු ඉහළ දැම්මට ඔහු ඩිෆෙන්ඩරයෙන් ගිහින් තරු5හේ හෝටල් වලින් තේ බොන බව මොවුන් නොදැන සිටියද...?
ඒ කියන්නේ මෙච්චර කාලයක් අපෙන් රුපියල් 5 ක් ගසාකාලා තියෙන්නේ.
මේ කළ දේට තැපෑලෙන් වදින්නේ. බලාගෙන ඉන්න. ත්රී රෝද, ආපනශාලා මාෆියාව පැහැදිලියි. ඕකට තව එකතුවෙනවා... එතකොට බබා හම්බවෙලා.