IMG-LOGO

තමිල්නාඩුවටත් මහ වැසි

බෙංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ද මහ වැසි ඇදහැලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාපතනය හේතුවෙන්, චෙන්නායි අගනුවර පළාත් රැසක් ජලයෙන් යට වී ගොස් ඇත. උන්හිටිතැන් අහිමිවූවන් ගණන දස දහස් ගණනකි. අයහපත් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් කල් තියා අනතුරු ඇඟවීම නිසා, වෙරළබඩ අනාරක්ෂිත ප්‍රදේශවල පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණුනි. පාසල් සහ රජයේ කාර්යාල දින දෙකක් වසා දැමීමට තීරණය කෙරුණි.

තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලිං පෞද්ගලික අංශයෙන් ද ඉල්ලිමක් කළේ කාර්යාල සහ කර්මාන්තශාලා වසා දමා සේවක සේවිකායන්ට නිවාඩු ලබා දෙන ලෙසය.

ඉන්දීය ජාතික ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවට අනුව තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 4 ක් මේවනවිට මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ. මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් දරුණු ලෙස හානි සිදුවී ඇත්තේ ප්‍රාන්තයේ උතුරු වෙරළාශ්‍රිත ප්‍රදේශවලටය. චෙන්නායි විදුලි බල සැපැයුමට ද බාධා එල්ල වී ඇත.ෙ

ගතවුණු පැය 24 ක කාලය තුළ චෙන්නායි අගනුවරට වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජල ගැලීම් හේතුවෙන් නිවාසවල කොටුවුණු පිරිස් සඳහා ආධාර ලබා දීම සහ ඔවුන් මුදා ගැනීම අසීරු කටයුත්තක් වී ඇතැයි ද පැවැසෙයි. තමිල්නාඩුව මෙසේ අයහපත් කාලගුණයෙන් බැට කන්නේ, 'කොවිඩ් 19' වසංගතය යළි හිස ඔසවා ඇති අවස්ථාවක බව ඉන්දීය මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

තමිල්නාඩුවටත් මහ වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 729 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site