(ජයරත්න වික්‍රමාරච්චි)
තබ්බෝව අභයභූමියට අයත් තුත්තනේරිය ප්‍රදේශයේ රක්ෂිත පෙදෙසක් හෙලිපෙහෙලි කළ බව කියන පුද්ගලයන් පස් දෙනෙකු බැකෝ යන්ත්‍රයක්, රෝදහතරේ මහ ටැක්ටරයක් හා යතුරුපැදි 2ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.
ලද තොරතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේද සහය ඇතිව මෙම වැටළීම සිදුකළ බවත් වනජීවී කාර්යාලය සදහන් කළේය.
වැටළීම සිදුකරන අවස්ථාව වනවිට මෙම පිරිස ඇතුළු කණ්ඩායමක් අදාළ රක්ෂිත ප්‍රදේශයේ ස්ථාන හතරක අක්කර පහක පමණ ලඳු කැලැවක් හා තෘණභූමියක්හෙළිපෙහෙළිකර ඇති බවත් වනජීවී කාර්යාලය පැවසීය.
ඔවුන් මෙසේ මෙම රක්ෂිත පෙදෙස හෙළිකරමින් සිට ඇත්තේ වගා කටයුතු සදහා යැයිද ඒ අනුව එහි ඇතැම් කොටස්වල නියරවල් පවා දමා ඇති බවද වනජීවී කාර්යාලය කියා සිටියේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් නීලබැම්ම, ඉහළපුලියන්කුලම හා පහළපුලියන්කුලම ප්‍රදේශවලපදිංචිකරුවන් බවත්, මීට අදාළව තවත් සැකකරුවන් පිරිසක් සිටින බවට අනාවරණය වී ඇති බවත් වනජීවී කාර්යාලය පැවසීය.
පුත්තලම කලාපය බාර සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගේ උපදෙස් මත කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතා ඇතුළු එම නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තබ්බෝව රක්ෂිතය එළි කළ 5 ක් අත්අඩංගුවට