
(එච්.චන්දන සහ ජයරත්න වික්‍රමආරච්චි)
පුත්තලම - අනුරාධපුර ප්‍රධන මාර්ගයේ කරුවලගස්වැව තබ්බෝව අභය භූමියට අයත් ප්‍රධාන අලිමංකඩ පිහිටි සැතපුම් 3ක් පමණ වන මාර්ගය දෙපස කොටසේ විවිධ පුද්ගලයන් දමා යන කැළි කසළ හේතුවෙන් එම ප්‍රදේශය දැඩි පාරිසරික තර්ජනයකට ලක්වී ඇතැයි ප්‍රදේශවාසී ජනතාව කියා සිටිති.
මේ නිසා තබ්බෝව අභයභූමියේ වෙසෙන අලි ඇතුන් ඇතුළු වනසතුන්ගේ ජීවිතවලටද තර්ජනයක් එල්ලවිය හැකි බවද ඔවූහු පෙන්වා දෙති.
තබ්බෝව අභය භුමිය හා කහල්ල පල්ලෙකැලේ අභයභූමිය අතර වනසතුන් එහා මෙහා ගමන් කරන අලි මංකඩ වැටී ඇත්තේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ මෙම ප්‍රදේශය හරහාය. ඒ අනුව මෙම ප්‍රදේශය තුළ නිරන්තරව අලි ඇතුන්, රිළවුන් ඇතුළු විවිධ වනසතුන් මෙම ප්‍රදේශයේ නරන්තරව සැරි සරයි.
එසේම මහජනතාවට වනසතුන් නැරඹීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත ගල්විල පාරිසරික උද්‍යානය පිහිටා ඇත්තේද මෙම ප්‍රදේශයේය.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ පාරිසරික වටිනාකම මෙන්ම ඇති සුන්දරත්වය හා වටිනාකම පිළිබඳවත්, එසේම මෙම ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙසටත් සඳහන් නාමපුවරු රැසක්ම ජනාධිපති ලේකම් කාර්යාලය හා කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් මාර්ගය දෙපස ප්‍රදර්ශනය කිරීමට සලස්වා ඇතැත් දිගින් දිගටම මෙම ක්‍රියාව සිදු කරන බව පවසති.



2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තබ්බෝව අවලස්සන කරයි