
(නිමල කොඩිතුවක්කු)
වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
වර්ජනය අත්හිටුවා සාකච්ඡාවට එන්නැයි තැපැල්පතිවරයා ප්‍රමුක බලධාරින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
තැපැල් වර්ජනය හේතුවෙන් අද (21) දිනයේත් ලිපි හා පාර්සල් ප්‍රවාහනය ඇතුලු සියලු තැපැල් කටයුතු අඩපන විය.
සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් පසුගියදා (17) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ සියලුම සේවාවලින් ඉවත් වී අඛණ්ඩ වර්ජණයකට අවතීර්ණ වූහ.
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ඇතුලු තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් තවදුරටත් ගොඩ ගැසී ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙයට අමතරව විදෙස් තැපැල් මලු ලක්ෂයකට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩාකප්පල්කාරී වර්ජකයන් කරන්නේ ජනතාව අපහසුතාවට පත්කිරීමක්. රටේ රැකියා නැති අය ඕනෑතරම් ඉන්නවා. ඔවුන්ට අවස්තාවක් ලබාදිමයි කළ යුත්තේ...?
පාඩු ලබන තැපැල් දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරයෙන් යැපෙන අතරේ සේවකයින් වර්ජනයේ යෙදීම අනුමත කරන්න බෑ. මහජන මුදලින් යැපෙමින් මහජනයා පීඩාවට පත්කිරීම පිළිබඳව ඔවුන් ලැජ්ජාවිය යුතුයි....
අපෙන් මාසෙට ලක්ෂ ගණන් බදු කපා ගන්නේ මේ වගේ පින්ගුත්තරයන්ට හොරට ඕටී දෙන්නද? එහෙම ඕටීත් දීලා, මැරෙනකන් පින් පඩිත් දෙන්න ඕනෑ. බදු ගෙවන අපිට හුළං? වහාම නීතියක් සම්මත කරගන්න නිවාඩු අවලංගු කරායින් පස්සේ වැඩට නෑවිත් හිටියොත් රස්සාවෙන් දොට්ට දාන්ඩ පුළුවන් විදිහට. මොවුන් ගෙදර යවලා පැන්ෂන් අවලංගු කරන්න. රැකියා නැති තරුණ පිරිසක් සේවයට බඳවා ගන්න...
මොවුන් සියලු දෙනා ගෙදර අරින්න කිසිම් කතාවක් අවශ්‍ය නැහැ. තරුණ පරපුරට මේ උපරිම අවස්ථාව ලබාදෙන්න... පිටරට ලිපි පාර්සල්. ඒ ගම්වලට අයිති පොලිස් ස්ථාන වලට බාරදී. නම හිමි කෙනාට දැනුම්දී... පොලිස් ස්ථාන යෙදීම. විවුර්ත. ඔවුන්ට රැගෙන යාමට දෙන්න පහසුයි. මි හරක් රෑනක් නිසා රට වැටෙන්න දෙන්න එපා. මි හරක් පිටුපස එළවන්න පාර දීලා ගෙදර ගිය ලොකු මී හරක් ඇමැති ඉන්නවා...
කාලකන්නි අපතයන්ව අස් කරලා දාන්න, ඒවාට නීති නැත්නම් නීති හදල අයින් කරන්න. අනික වන්දි ගෙවන්නත් උවමනාවක් නෙති වෙන්න නීති හදන්න.
දිනයක් දීල එදාට පෙර වැඩට ආවේ නැත්නම් සේවයෙන් අයින් කරලා විශ්‍රාම වැටුපත් නවතන්න . එතකොට ඔය ඔක්කොම එනවා .
හොඳ තෙලක් ගෑවා නම් නමන්න පුළුවන්...
ඔය පොහොට්ටු ගැත්තෝ නැමෙන්නේ නැතිනම් දෙකට නවලා කොන්ද කඩලා පස්සට පයින් ගහලා දොට්ට දැම්මා නම් හරි... 1980 ජේ ආර් කළා වගේ...
පිං පඩි කාරයෝ...!
නොනැමෙන දේවල් කැඩෙන්න පුළුවන්නේ...
1980 ජූලි වර්ජකයින්ට ජේ ආර් කරපු දේ දන්නවා නම් මේ තැපැල් වර්ජකයින් වැඩිය දඟලන එකක් නෑ.