(සුජිත් හේවාජුලිගේ සහ මහින්ද නිශ්ශංක )
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර තැපල් ඡන්ද හිමියන් සඳහා විශේෂ උපදෙස් පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ ඇත.
පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව ඇති බවත් යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්ද ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම cඡන්දය තියෙනවා ද්?? නූල් සූත්තර ඉවරයි ද??