IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තුන්වැනි මහලෙන් බිමට වැටී ධීවරයා මරුට

(රේඛා තරංගනී ෆොන්සේකා) 

මොරටුව, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයකු අද (03) අලුයම මියගොස් ඇතැයි අඟුලාන පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි (24) රසික සම්පත් මාටින් නමැති  ධීවරයෙකි.

ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ සයවැනි මහලේ පවතින මළගෙදරකට යාමට පිටත් ව ඇතැයි පොලිසිය පැවසීය.

රාත්‍රියේ නිවසට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්දට බාධාවක් නොවන පරිදි මෙම  පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කරන බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසී ය.

අනතුර සිදු වු දිනද සුපුරුදු ලෙස ජනේලයෙන් නිවසට පැමිණීමේ දී  මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසෙත් නොමැති නම් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් පොලිස් සැරයන්  ප්‍රසන්න යන නිලධාරීහු සිදු කරති.



අදහස් (1)

තුන්වැනි මහලෙන් බිමට වැටී ධීවරයා මරුට

Bunny Preena Monday, 03 April 2023 12:57 PM

පුදුම නිවැසියන් පිරිසක්නේ ඉඳලා තියෙන්නේ.එවැනි අනතුරුදායක දෙයක් කරන්න තරුණයාට ඉඩ දුන්නේ තරුණයාගේ ජීවිතයට වඩා තමන්ගේ නින්ද ලොකු නිසාද?හනේ මෙහෙමත් ආත්මාර්ථකාමී මිනිස්සු

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site