IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තනි රෝදයෙන් වැඩ දැමූ හතරක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව් දෙනකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි.

එම තරුණයන් සිව් දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් බාරයට ගෙන ඇත.

පිළියන්දල බෝකුන්දර මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ස්ථානයේ වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පලාගොස් ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18, 19 සහ 20 අතර පසුවන්නන් ය.

සැකකාර තරුණයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (3)

තනි රෝදයෙන් වැඩ දැමූ හතරක් මාට්ටු

Bamunuarachchi Saturday, 01 April 2023 09:18 PM

තනිරෝදෙන් වැඩ දාපු බොහෝ දෙනා පසුව ජීවත් වුණේ කකුල් දෙකම නැතුව...

:       0       4

බණ්ඩා Saturday, 01 April 2023 09:20 PM

මීට අවුරුද්දකට, දෙකකට කලිනුත් ඔතැන ඔය වැඩෙන්ම කෙනෙක් මරලා... තාම පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ...

:       0       3

රන්මුතුගල Sunday, 02 April 2023 02:19 PM

වීරයෝ වගේ වැඩ දැම්මාට වරදින්න යන්නේ තත්පරයක්. ඕවගේ යන අය විතරක් නෙමෙයි පාරේ යන අහිංසකයෝත් අනතුරේ... අමතක නොවෙන්න දඬුවම් දෙන්න ඕනේ තරුණ මදය අඩුවෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site