(පාලිත ආරියවංශ)

බදුල්ල, අසේලපුර, ගම්මානයේදී  තිදරු පියකු පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල පොලිසිය කියයි.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මරණකරුගේ නිවසට ගල් ගැසුවේ යැයි සැකකරුවන් හා මරණකරු අතර ඇතිවූ බහින් බස් වීමකින් මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි .

මෙසේ මරණයට පත්ව ඩී.එම්.චන්ද්‍රෙස්න (65) නමැති විශ්‍රාමික මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරියෙකි .

තුවාලකරු සුවසැරිය ගිලන් රියකින් බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවද රෝහල් පොලිසිය කියයි .

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා නිලධාරියා තමාට තුවාල සිදුවූ බව පවසමින් බදුල්ල මහ රෝහලට ඇතුලත් ව සිටියදී අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරුවන් දෙදෙනාද කෙටි වේලාවක් තුළදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය සඳහන්කළේය .