
(ලලිත් නවරත්න)
උල්හිටියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මුහුදු රළට හසු වී ගසාගෙන යාමෙන් මුහුදේ ගිලී මරණයට පත්ව ඇතිබව වෙන්නප්පුව මූලස්ථාන පොලීිසිය පවසයි.
මෙසේ මරණයටපත්ව අත්තේ වෙන්නප්පුව නැගෙනහිර කොලොන්ජාඩිය අංක 51ඒ හි පදිංචි කන්දෙමුදලිගේ කැනියුට් අප්පුහාමි නැමති 66 හැවිරිදි තිදරුපියෙකි.
මරණකරු වෙන්නප්පුව උල්හිටියාව ප්‍ර දේශයේ ධීවර තොටුපලේ ධීවරයින්ගේ මාලුදැල් බේරීම බෝට්ටු වෙරළට ගැනීමට සහය ලබාදීම තුළින් යම් මුදලක් උපයාගන ජීවත්වෙන තැනැත්තෙකි.
අද පස්වරුවේ මෙම පුද්ගලයා දැලි සේදීම සඳහා අවශ්‍ය වැලි රහිත වතුර ලබාගැනීමට මුහුදේ රැලි අතරට යාමේදී එකවර වේගයෙන් පැමිණි රලකට හසුව මුහුදට ගසාගන ගියබව පොලීසියට ලැබුණ කටඋත්තරවල සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ පියා මොක් සුව ලැබේවා