(යොහාන් භාසුර)
‘ඇෆ්ලටොක්සීන්‘ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා අද (12) පෙරවරුවේ පැවසීය.
බොහෝ ආනයනික භාණ්ඩ රදවාගැනීමට රේගුවේ ගුදම් පහසුකම් සීමාසහිත වීම නිසා තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනකරුගේ ගබඩාවලට මුදාහරි බවත් ‘ඇෆ්ලටොක්සීන්‘ සහිත පොල්තෙල් ප‍්‍රශ්නය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් රවිප‍්‍රිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතිකය එනකලින් බෙදලා ඉවරයි... අන්තිමට සහතිකය අල්මාරියේ....
හරිම ෂෝක් තීරණයක්. "තත්ව සහතිකය ලැබෙන තෙක් එම බඩු ආනයනකරුගේ ගබඩාවලටම මුදාහරින" එක නරියට කුකුල් කොටුව පොඩ්ඩකට බලාගන්න කියල බාරදෙනවා වගේ වැඩක් වෙන්න බැහැ නේද? යුද්ධ කරනවා වගේ නෙවේ රටක් පාලනය කරන එක හරිම අබිලික් වැඩක් නේද මේජර් ජෙනරාල් මහත්තයෝ?
අහෝ සර් , මෙච්චර දවසක් නිදහස් කරපුවා... ?
මෙයා හිතන් ඉන්නේ ජනතාව බූරුවන් කියලා. මුලින් කිව්වා එස්.එල්.එස්.. අනුමත කරපු නිසා නිදහස් කරා කියලා. පස්සේ කියනවා ගුදම්වල ඉඩ නැති නිසා නිදහස් කරාලු. බොරු කයියයි, සෝබනේ නම් තියනවා වැඩ නැති වුණාට...