(සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය , පලෙයි ඉත්තෑවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටී   පියා සහ පුතුන් දෙදෙනා මියගොස් ඇතැයි පලෙයි පොලිසිය පවසයි.

යාපනය සිට කිලිනොච්චිය දක්වා ගමන්ගත් මෝටර් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

එලෙස අනතුරින් මියගොස් ඇත්තේ පලෙයි ධර්මකේණි ප්‍රදේශයේ පදිංචි පියා වන ඒ.සර්ගුණම් (40) සහ පුතුන් දෙදෙනා වන සර්ගුණම් සරූජන් (09) , සර්ගුණම් සාරංගන් (11) නැමැත්තන් වේ.

 ටිපර් රථය මාර්ගයේ ගමන්ගත් තවත් රථයක් පසුකරයෑමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පුතුන් දෙදෙනා කිලිනොච්චිය මහ රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

තුවාල ලබා සිටි පියා කිලිනොච්චිය රෝහලට ඇතුලත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.