
(ඔගස්ටින් ප්‍රනාන්දු)
පල්ලම සේරුකැලේ ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක දරු සිගිත්තකු ට්‍රැක්ටරයකට යටවි එහි තණ කොළ කපන යන්ත්‍රයකට අසුවී මිය ගොස් ඇතැයි පල්ලම පොලිසිය කියයි.
පල්ලම සේරුකැලේ විසු ඒකනායක මුදියන්සේලාගේ ශ්‍රීමාන් හිමාෂ නමැති දරුසිඟිත්තකු මෙසේ මියගොස් ඇත..
මියගිය දරුවාගේ මාමා ට්‍රැක්ටරයකින් තණ කොළ කපමින් සිටි අතරතුර එම ස්ථානයට ආ මෙම දරුව ට්‍රැක්ටරය මත වාඩි කරවා ට්‍රැක්යටරය ක්‍රියාත්මක කරවා තණ කොළ කපමින් සිට ඇත. ට්‍රැක්ටරය මත වාඩි වී සිටි දරුවා ලිස්සා බිම වැටි ට්‍රැක්යරයට සවි කර තිබු තණ කොළ කපන මැෂිමට කැපි බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් පල්ලම පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාමා නමැති හරකා විසින් ට්‍රැක්ටරය ධාවනය කරන ලදී... පව් මේ නොදරුවා.. පුතේ, ඔබට නිවන් සුව අත්වේවා...!!!
සමහරක් මාමලා, බාප්පලා, සීයලා සහ තාත්තලා දරුවන් ආසාකරන අනතුරුදායක වැඩවලට ඔවුන්ට රුකුලක් දෙයි. සමහරුන්ට එහිදී දරුවාගේ වයසද අමතක වී යයි. අනතුරුදායක වැඩ කිරීමේදී දරුවාට අනතුරු මගහරවා කිරීම ගැන අවබෝධය නොදීම නිසා බොහෝ දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම බහුලව අපේ රට වැනි අන් රටවල දක්නට ලැබේ.
අද ගොඩාක් අනතරු ඇතිවන්නේ නොසැලකිලිමත් කම නිසයි .කුඩා දරුවන් ගැන මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි .පුතේ නුඹ ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා .අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා
ඉතාම කණගාටුයි .දෙමව්පියන් මීටව් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ