(ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පිහිටි එළවලු මැස්සක් උඩ කපා කොටා මරා දමා තිබුණු 38 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (03) හමු වූ බව තංගල්ල පොලීසිය කියයි.
මරා දමා ඇත්තේ කොච්චියාය පාරේ බැරගම ගෙදර පදංචිව සිටි හේවාදේවගේ ශාලිල් තිරංජ නමති 38 හැවිරිදි පුද්ගලයෙක් බවට පවුලේ ඥාතීන් විසින් හදුනාගෙන ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) උදේ තංගල්ල අධිකරණ මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.
තංගල්ල කොට්ඨාශ බාර ජ්‍යේෂ්ඨ පොලස් අධිකාරී රවීන්ද්‍ර අබෙිපිටිය, සහකාර පොලිස් අධිකාරී රත්නවීර එස්. අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල පොලස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්, උප පොලිස් පරීක්ෂක කරවිට, උප පොලිස් පරීක්ෂක ගුණරත්න සැරයන්වරුන් වන 33792 සුමනසිරි, 58257 සුජීව, යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd