(ෂේන් සෙනෙවිරත්න)
අරුප්පොළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර කණ්ඩායමක් පහර දීමේ සිද්ධියට නිසි විනය ක්‍රියාමාර්ග නොගත්තා යැයි පවසමින් එම කාර්මික විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ගුරුවරු ඇතුළු දහසකට අධික පිරිසක් අරුප්පොළ සිට පෙළපාලියකින් පැමිණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.
ඔවුන් එහිදී පවසා සිටියේ අරුප්පොළ තාක්ෂණ විද්‍යාලයට අයත් ඉඩමක් පිටස්තර පිරිසක් අත්පත් කරගෙන සිටින බවත් එම ඉඩම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකදී තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර පිරිසක් විසින් පහර දී ඇති බවයි .
එම මැර පිරිසට පාදේශීය ලේකම්වරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකු සහාය දක්වන බවට විරෝධතාකරුවෝ චෝදනා කළහ.
විරෝධතාවයට එක් වී සිටි පිරිසේ කීපදෙනකු මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හමුවී ලිපියක් භාර දීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තාක්ෂණ කාර්මික සිසුන් විරෝධයේ