
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාබනික පොහොර ප්‍රශ්නය නිසා වතුකරයේ නොසන්සුන් තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
තේවලට කාබනික පොහොර නොගැළපෙන බවත් තේ වගාවට කාබනික පොහොර යෙදීම නිසා අස්වැන්න අඩුවීමෙන් වතුකර ජනතාවගේ රැකියා ඉදිරියේදී අහිමිවීමේ අවදානමක් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
සෙනවිරත්න මහතා මෙසේ පැවසූවේ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මේ ප්‍රශ්නයට පිළියමක් වහාම ලබා නොදුනහොත් විදේශ විනිමය අහිමිවීමේ අවදානමක්ද ඇතිවන බව පැවසූ හෙතෙම පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන්නැයි තමා අදාළ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.
සාකච්ඡාවලදී තමා මෙම අවදානම පෙන්වා දුන්නත් තවමත් විසඳුමක් ලැබී නැතැයිද ඔහු පැවසුවේය.
තේවලට කාබනික පොහොර නොගැළපෙන බවත් මේ සම්බන්ධයෙන් රජය වහාම අවධානය යොමු කළ යුතු බවත් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.
වෙනත් බෝග වගා වලට කාබනික පොහොර ගැළපුණත් තේ වලට කාබනික පොහොර සුදුසු නැති බවද ඔහු කීවේය.
මේ අතර විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය තමා අනුමත නොකරන බව ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්නවයි කියල පෙන්නන්න, මොකද ඇමතිකමක් නැති නිසා සැප අඩුයි.
රබර් වගාවටත් රසායනික පොහොර නේ. නැත්නම් වැරදිලාවත් ඔට්ටපාලු ටිකක් කැවුනොත් වකුගඩු නරක් වෙනවා සර්ට කිඹුහුමක් ගියත් චක්‍රලේඛයක්නෙ මොනව කරන්නද ?
ගොවීන් අවුරුද්දකට වැඩිකලක් පොහොර ඉල්ලා විරෝධතා කරද්දී තමුන්නැහැ නිදාගෙන හිටියද කියන්න තේ වලට පමණක් නොවෙයි කිසිම වගාවකට කාබනික පොහොර සාර්ථක නැහැ රසායනික පොහොර නොමැති වීමෙන් තේ ආර්ථිකය කඩා වැටීමට අමතරව ඉදිරියේ ආහාර හිගයකුත් ඇති වෙනවා
ඇයි කිව්වෙ නැද්ද කුරුදු වගාවට රසායනික පොහොර නැත්නම් බැහැ කියලා
චීනෙන් ඒවන්නේ විශේෂ කාබනික පොහොර ජාතියක් ඒ්වා තේ වලට දාපුවම කිරිපිටි ඔ්නි නැහැ