IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකිකයන් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.

ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත් තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානය වනවිට වාහන සඳහා ලබාගෙන ඇති ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 33.4 කින් වර්ධනය වී තිබෙන බවත් එය මෙම වසරේ මෙරට මූල්‍ය සමාගම් ලබාදුන් ණය මුදල්වලින් සියයට 65.1 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. ගෝලීය වෙළෙඳපොළේ රත්රන් මිල මෙම වසරේදී ශීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියත් මූල්‍ය සමාගම්වලින් ලබාගෙන ඇති රන් ණය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානයේදී සියයට 43.8 කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

වාහන සහ රන් ණය මෙරට මූල්‍ය සමාගම් ලබාදී ඇති ණය මුදල් වලින් වැඩි ප්‍රතිශතයකට හිමිකම් කීම තුළින් මෙරට මූල්‍ය සමාගම් පටු පරාසයක ඇපකර වර්ග වලට සැලකිය යුතු ලෙස නිරාවරණයවී ඇති බව පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වේ. රන් ණය මෙලෙස සැළකිය යුතු මට්ටමකින් වර්ධනය වීමෙන් පෙන්නුම් කරන්නේ දිගුකාලීන ආදායම් පීඩන මධ්‍යයේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ද්‍රවශීල වත්කමක් ලෙස මෙරට පවුල් රත්‍රන් මත අඛණ්ඩව රඳා පවතින බව යැයි එම වාර්තාව පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site