
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ ඩීසල් හිඟයක් පවතින බව පිළිගන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
නැවකින් ඩීසල් ගොඩබෑම සිදුවෙමින් පවතින බවත් පැට්‍රෝල් නැවක් මුහුද මැද නැංගුරම්ලා ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
ඒ නැවටද මුදල් ලබාදෙන බව මුදල් ලේකම්වරයා පැවසුවේ යැයි උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙරටට පැමිණි කිසිම ඉන්ධන නැවක් ආපසු හරවා යවා නැතැයි පැවසූ අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ප්‍රකාශ කළේය.
යුදමය වාතාවරණය නිසා ඉන්ධන බැරලයක මිල ඩොලර් සියයක් දක්වා ඉහළ නැග ඇතැයිද එම මිල මාර්තු වනවිට 115දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයිද ඔහු පැවසීය.
ඉන්ධන ණයට ලබාගැනීමට රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යන බවද ගම්මන්පිල මහතා පැවසුවේය.
ඉන්ධන ගෙන්වීමට සංස්ථාව මාසයකට ඩොලර් මිලියන 500 ක මුදලක් වැය කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් වලට ඉන්ධන දෙන්නෙත් නැත්නම් මහ බැංකුව ඩොලර් නිකුත් කරන්නෙත් නැත්නම් මෙතුමා කුමක් කරන්නද? හැබැයි මේ වෙලේ අපේ දේශපාලකයින්ටත් යුතුකමක් තියනවා පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ බාරේ ඉන්ධන සඳහා ඩොලර්වලින් ගිණුමක් අරඹන්න. එම ගිණුමට මුදල් දුන්නේ කවුද? කොපමණද? කියා පාර්ලිමේන්තුවේ රහසක් හැටියට තියාගන්න. එවිට මෙතෙක් කාලයක් අපේ ජනහිතකාමී දේශපාලුවන් මේ රටේ මහජනතාවගෙන් මංකොල්ල කාපු මා ධනස්කන්ධයෙන් අබ ඇටේක තරම සොච්චමක් ගිණුමට බැර කරන්න. එවිට අවුරුද්දකට ඇතිවෙන්න ඉන්ධන ගන්න පුළුවන්... මෙම ගිණුමට දායකවෙන්න පුළුවන් 1994 සිට මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලුවන්ට පමණක් කියා වැකියකුත් ඇතුල් කරන්න. 2.50 හේ හොරාගේ සිට හොරුන්ගෙත් හොරු, කම්බහොරු බිහි වුනේ ඔය යුගයේ නිසා...!
මොන මලඉලව් ආණ්ඩුවක්ද මේ...?
‘‘මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව කොරෝනා සහ ගිය ආණ්ඩුව‘‘ මීට රට රකින විරුවා...
ඩීසල් අර්බුදයක් තියෙනවා කියලා පිළිගන්න එපා.. එහෙම දෙයක් නැහැ කියලා කියන්න.