(නිමල කොඩිතුවක්කු)
ඩීසල් නොමැති වීමෙන් භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, ඖෂධ ආදී භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද මංජුල මහතා කීවේය.
බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් ඉන් 4500 කට වැඩි ප්‍රමාණයක් ඩීසල් නොමැතිවිමෙන් ධාවනය නොවන බවද ඔහු පැවසීය.
අනෙකුත් බහාලුම් ප්‍රවාහන රථ ධාවනය වන්නේද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් යැයිද හෙතෙම කීවේය.
මේ හේතුවෙන් කොළඹින් පිට පලාත්වල ආනයන අපනයන කටයුතු සියල්ල ඇණ හිට ඇන හිට ඇතැයිද ඔහු පැවසීය.
බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඇතැම් ඉන්ධන හල් වලින් රුලියල් 3000 ක පමණ තෙල් නිකුත් කරන බවත් එය වරාය පරිශ්‍රය තුළ ධාවනයටත් ඇතැම් විට ප්‍රමාණවත් නොවන බවත් මංජුල මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd