IMG-LOGO

ඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් සියලුම බහාලුම් ප්‍රවාහන රථ හෙට (01) සිට ධාවනයෙන් ඉවත් වන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිලිඟත හැකි කිසිදු වැඩපිළිවලක් ඛනිජතෙල් සංස්ථාව සිදුකර නැතැයිද මංජුල මහතා කීවේය.

බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් අද (31) දිනයේ  ධාවනය වන්නේ 2000කට ආසන්න ප්‍රමාණයක්  බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, ඖෂධ ආදී භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයිද  මංජුල මහතා කීවේය.

ධාවනය වන බහාලුම් ප්‍රවාහන රථ  ධාවනය වන්නේද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බැවින් පිට පළාත් සඳහා භාණ්ඩ ප්‍රවාහනය ගැටලුවක් වී ඇතැයිද  හෙතෙම කීවේය.

ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලටද විශාල බාධාවක් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.

ඛනිජතෙල්  සංස්ථාව නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කරන ලයිස්තුවේ බහාලුම් ප්‍රවාහන රථ නොමැතිවීමෙන් ඩීසල් තිබෙන ඉන්ධන පිරවුම්හල් වලින් පවා ඉන්ධන ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයිද ඔහු පැවසීය.



අදහස් (0)

ඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site