(හර්ෂණ තුෂාර සිල්වා)
ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව තෙවැනි දිනටත් අවප්‍රමාණය වූ අතර රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.
ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි එම අහිතකර තත්ත්වය මේ වනවිට සෙමින් වර්ධනය වෙමින් තිබෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ ආයතනය පෙන්වාදෙයි.
මේ අතර ‘රිෆිනිටිව් ඉකෝන්’ දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 4.7ක් අහිමි වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ඔක්තෝබර් මාසයේදී සියයට 2.4කින් දුර්වල වී ඇත. එම දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ගතවූ කාලයේදී සියයට 12.8කින් අවප්‍රමාණය වී ඇත.
‘රිෆිනිටිව් ඉකෝන්’ යනු ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂණය කරන සහ ජාත්‍යන්තර මූල්‍ය දත්ත සපයන ආයතනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරයට යන දේවාලයකට යන්න කියන්න. අපේ ගොනා අපිට හොඳයි
මුදල් ඇමති ලංකාවට මිසක් ලෝක මුල්‍ය වෙළඳ පොලට නොවේ
සනීපයි.
බන්දුල මහත්තයෝ අපිව බේරගන්නෝ.....
කෝ නවත්වපිය දැන්..?
රොෂාන්, යකෝ, ඩොලරයට නෙමෙයි, කෙලවෙන්නේ රුපියලට! බන්දුලට වත් කියලා රුපියලට පල්ලම් පොල්ලක් නොදැම්මොත් .. ඉවරයි! අපි කපෝති!
ඉවසන්න... ආශ්චර්යය නොබෝ දිනකින් භුක්ති විඳීමට ලැබේ. මෙය තාවකාලිකයි. තවම වැඩට බැස්සේ නැහැ...
ඔන්න ඔහේ පාවෙන්න අරින්න. දැන් අපිත් ඇතිවෙන්න ගිලිලානේ ඉන්නේ. 2500න් මාසයක් බඩ පුරවාගන්න පුළුවන් කියපු අය තාම පුවත්පත් කියවලා නැහැ වගෙයි....
ඔන්න ඔහේ පාවෙන්න අරින්න. දැන් අපිත් ඇතිවෙන්න ගිලිලා නේ ඉන්නේ. 2500 න් මාසයක් බඩ පුරවාගන්න පුළුවන් කියපු අය තාම පුවත්පත් කියවල නැහැ වගෙයි....
අර 250 මාසයක් ජීවත් වෙන්න පුලුවන් බන්දුල මහත්තයා කියපු ආර්ථික විග්‍රහය නේද?
තම වැඩ කරන්නේ මංගලගේ අය වැයට අනුවනේ. ඉදිරියේදී අලුත් වෙනසක් බලාපොරොත්තු වෙමු.
ඩොලරය 300 කට යන්න කියන්න අපිට හොඳයි. රට ගැන රටේ ඉන්න ජනතාව නොතකානේනම් අපි මොකටද අපේ අදායම අඩු කර ගන්නේ මේක වැඩි වන තරමට අපට හොදයි
දැන් බන්දුල මහත්තය මාද්‍ය සාකච්චා පවත්වන්නේ නැත්තේ ඇයි?
රුපියල අයින් කරලා අපිත් ඩොලර්වලට යමු.
කෝ මේ ආර්ථික පර්යේෂක ..?
මාස 6ක් තිස්සේ ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ මුදල බිලියන 2ක් වුවත් ඊයේ දවසේ පමණක් රුපියල අවප්‍රමාණය වූ නිසා රටෙන් පිටට ගිය මුදල බිලියන 3ක්...
අර මොකෝ