ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (31) රුපියල් 176 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 176.25 ක් දක්වා අද (31) ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (31) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 176.25ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 172.36ක් ලෙස දැක්විණි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස සැපද?
දේශමාමක පොර ටෝක් කවුරු දුන්නත්, අපි යැපෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ විදේශීය ණය වලින්, නිදහස ලබලා අවුරුදු 70කට පසුත් අපි ඉන්නේ වෙනදාට වඩා පට්ට අවාසනාවන්ත යුගයක.., මේ තත්වයට එදා මෙදා තුර රට පාලනය කරපු හැමෝම වගකියන්න ඕනේ, බලාපියව් අපිට පස්සේ ගමන් ආරම්භ කරපු රටවල් අද ඉන්න උජාරුව... අායේ ඩොලර් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ 200 පන්නනවා ලබන සතියේ ...
කෝ මේ බන්දුල... බන්දුල.... බන්දුල?
කොටස් වෙළඳපළට මොකද වෙලා තියෙන්නේ? කලින් එ්කට අවුලක් වුනේ නැ කිව්වනේ ...
අපි හිතුවට වඩා ඉක්මනට ඩබල් සෙන්චරිය දමයි වගේ...! බලමු අපේ අලුත් මුදල් ඇමතිගේ වැඩ කිඩ...!!
අරයාට ජනපති පුටුවට බඩගෑමට 2015දී සියලු පක්ෂ "රන් හිනිමගක්" භාරදුන්නා. දැන් ඒ හිනිමගෙන්ම උඩට නැගපු කල්ලිය, ඩොලර් එකත් එකෙන්ම උඩ අරගෙන යනවා ! "ඔබට දැන් සතුටුද"?
අවුලක් නැහැ ගැලවුම්කාරයා ඇවිල්ලනේ එයා ඕක 275 විතර කරලාදායි ඉක්මනටම... එතකොට කියයි අපිට බැහැ ඒක රනිල්ගේ වැරැද්දක් කියලා. අන්තිමට අහයි ඔබට සතුටුයිද දැන් කියලා...
ඉතින් මොකද්ද කාටවත් තියෙන රුදාව? රුපියල අඩුවෙන දවසක අඩු වුණාවේ. අපට ඕනෑ වැඩේ කෙරුණා. හරිද?
අර ආර්ථික විද්‍යා ඔස්තාර් සහ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ දවස්වල කොහෙද ඉන්නේ? රුපියල වැඩිවීමේ මාධ්‍ය සාකච්ඡාව දැන් තියන්නේ නැද්ද? ආර්ථික පර්යේෂණ ඒකකය වැහුවද මහින්ද අගමැති වුණු ගමන්?
අවුලක් නෑ. රුපියල ගොඩගන්න බෑ කියයි... මහබැංකු හොරකම නිසා. ලේසිම උත්තරේ...
"සුභ අනාගතයක්" ඩොලරය ඔබට...
ජනාධිපති මේ දවස්වල හරි හරියට වැඩ. ඒනිසා පත්තෙර බලන්න වෙලාවක් නැහැ. ඩොලරය වැඩි වෙච්ච එක එයා දන්නේ නැහැ පත්තරේ බලන්නේ නැතුව.