IMG-LOGO

ඩොලර් හිඟයෙන් 3,50,000 රැකියා මකර කටේ

(නිමල කොඩිතුවක්කු)

රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත.

ඇඟලුම්, විදුලි උපකරණ නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන, බේකරි ඇතුළු කර්මාන්ත ගණනාවක් මේ වන විට වැසී යාමේ අවදානමක් ලක්ව තිබේ.

ඇතැම් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 90% ක පමණ ප්‍රමාණයක් අපනයනය කිරීමට සිදුව ඇතැයි නිශ්පාදකයෝ පවසති.

පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අමු ද්‍රව්‍ය අපනයනය කිරීමට නොහැකි වීම නිසා කර්මාණ්ත බොහෝමයක් වැසීයාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පැවසුවාය.

ක්ෂේත්‍ර ගණනාවකම අමුද්‍රව්‍ය සංචිත මේ මාසය තුළ අවසන් වීමට නියමිත බැවින් මෙරට කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බවත් අබේසුන්දර මහත්මිය පැවසුවාය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 51 ක පමණ ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් දරනු ලබයි.

ඉන් සියයට 20ක් පමන ඇගලුම් ක්ෂේත්‍රයෙන් සැපයෙන අතර බිලියන 1000 කට අධික මුදලක් ඉන් ආර්ථිකයට සැපයේ.

නියමිත දිනට ජාත්‍යන්තර ඇනවුම් ලබාදීමට නොහැකිවීම හමුවේ මෙරටට ලැබෙන ඇඟළුම් ඇණවුම් පහත වැටීමෙන් එම කර්මාන්තශාලා ද වැසීයාමේ අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රැකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් මතුව ඇත.

 



අදහස් (2)

ඩොලර් හිඟයෙන් 3,50,000 රැකියා මකර කටේ

Lalith M Wednesday, 08 June 2022 07:10 AM

මෙය දැනට තිබෙන ලොකුම විනාශය. පොහොර සහනාධාරය ලබාදීම වගේම අමුද්‍රව්‍ය ආනයනය මූලිකම වැදගත්කම දිය යුතු දේවල්. රටට විදේශ විනිමය එන මූලිකම ආදායම් මාර්ගයක්...

:       0       0

Subo Wednesday, 08 June 2022 07:21 AM

කමක් නැහැ පින් පඩි ගන්න රජයෙ සේවකයන් ඉන්න්න ව රට ගොඩ නගන්න දැන් සතියකට දවස් 4යි වැඩ. ඉතුරු දවස් වල ආන්ඩුව ට බැන බැන අනිත් මිනිස්සු න්ගෙ දියුණු වට ඉර්සියා කර කර පුපුර පුපුර නිකන් ගෙදර ට වෙලා ඉන්නව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 350 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site