
(යොහාන් භාසුර)
ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් අද (25) පස්වරුවේ පැවසීය.
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 38,400 ක් අඩංගුව තිබෙන පෙට්‍රල් නෞකාව නිදහස් කිරීමට ඩොලර් මිලියන 33 ක ණයවර ලිපියක් නිකුත් කළ යුතු බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ මීට දින තුනක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති පෙට්‍රල් නෞකාව ඩොලර් ගෙවා නිදහස් කරගත්ත ද ඉන්ධන ගොඩ බෑමට නොහැකි බවයි.
ගොඩබෑමේ පර්යන්ත දෙක තුළ මේ වන විට නෞකා දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් බාමින් සිටින බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා අනෙක් පෙට්‍රල් නැව නිදහස් කරගත්ත ද එහි ඇති ඉන්ධන බෑම ආරම්භ කිරීමට දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.
රට පුරාම අද (25) දිනයේ ද පිට පිටම සිවුවැනි දිනයටත් ඩීසල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ ලෙස පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෙඩ් අයිතිකාරයෝ ගාන වැඩි වෙනකන් තෙල් ගහනවා. මොකද ලංකාවේ ඉන්නේ වැඩිපුරම බඩගෝස්තරවාදී ව්‍යාපාරිකයෝ.
මම හිතන විදිහට හොඳම දේ ඒකාධිකාරය බිඳලා අනිකුත් සමාගම්වලටත් වෙළෙඳපළ විවෘත කරලා බලන එක..
රටේ සමස්ත ජනතාවටම තෙල් ටික දෙන්න බැරි ආණ්ඩුවක් මොන කෙහෙල් මලකටද? ජනතාවගේ සීමාව දැන් පැනගෙන යන්නේ. අපිද ට්‍රිලියන ගණන් මහජන මුදල් හොරකෑවේ..? විශාල අර්බුදයකට රට ගෙනියන්නේ නැතුව... ඒ හොරාකාපු සල්ලි ගෙවලා අපිට තෙල් දෙන එකයි ඇත්තේ...!
ඩොලර් ප්‍රශ්නයට එක හේතුවක්... මැද පෙරදිග ඉන්න අය කලකිරීමෙන් ඉන්න නිසා ඩොලර් එවන්නේ නැහැ. එව්වත් එවන්නේ උන්ඩියල් ක්‍රමේට...
රටට ඩොලර් හිඟයක් ඇතිවීමට එක හේතුවක් වී තිබෙන්නේ විදේශීය රැකියාවල නිරත වන්නන් රටට ඩොලර් නොඑවීමයි. ඔවුන්ගේ පාස්පෝට් අලුත් කිරීමේදී රටට මුදල් එවූ කුවිතාන්සි ඉදිරිපත් කරන්න කියන්න. එසේ නොකොළොත් පාස්පෝට් අලුත් කරන්න එපා. මේ ක්‍රම පිලිපීන්වල 2007 කාලේ කළා වගේ මතකයි...