
(ඩයනා උදයංගනී)
ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිලන්ත මාලගමුවට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමි වී තිබේ. වසර 36ක් තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ධාවන තරඟවලට සහභාගීවූ තමන්ට අන්තර්ජාතික තරගාවලියක් සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමිවූ පළමු අවස්ථාව මෙය බව ඩිලන්ත මාලගමුව පැවසීය.
සංචාරක අමාත්‍යාංශයෙන් ඔහුට මෙම අනුග්‍රහය ලබා දී ඇත.
මෙම තරඟාවලිය සඳහා ඔහු අනිද්දා (29) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයග තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ජර්මනියල බෙල්ජියමල ප්‍රංශය සහ ස්පාඤ්ඤයේදී පැවැත්වේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (27) එක් වු ඩිලන්ත මාලගමුව තමන්ට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් රජයට ස්තූතිය පිරිනමන බව පැවසීය.
තමන් වසර 36ක් පුරා ලෝකයේ විවිධ රටවල ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කරමින් මෝටර් රථ ධාවන තරඟවලට එක්වූ බව කී මාලගමුව මහතා ඒ සියල්ලට සහභාගී වූයේ තම පෞද්ගලික වියදමින් බවද පැවසීය.
ආසියාවේ මෝටර් රථ තරග රැසක්ම ජයග්‍රහණය කර ඇති ඩිලන්ත මාලගමුවල වසර 42 ක් පුරා මෝටර් රථ තරගවලට සහභාගි වීමෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ඉතා ආසන්නව සිටී.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි. අවසානයේ තමුන්ගේ පෞද්ගලික වියදම් නැතුව සහභාගී වීමට හැකිවීම ගැන. පෙර පරිදිම ලංකාවට කීර්තියක් අත්කරදීමට හැකිවේවා..!!!
මෙයාට තිබුණේ ප්‍රතික්ෂේප කරන්න. මෙච්චර කල් නැතුව දැන් මොන එහෙකටද? ඉස්සරහට ආණ්ඩුව වෙනුවෙන් දැන්වීම්වලට පවා පෙනී ඉන්න වෙයි. මේ ඇයි හොඳයිකම් නම් හොඳකට නෙවෙයි රජෝ...
කඩේ යන්න ඕනේ වැඩක් කරගන්න!!! තාම පරණ සමාජයම තමයි.
හරිනේ දැන් ඉතින් ඇමැති හැත්ත බුරුත්ත පිටින් යයි.. ඩිලන්ත ඉන්න තරග බලන්න රටේ සල්ලිවලින්..
කඩේ ගියොත් වඩේ ලැබේ...
ඕකට තමයි මෙයා කැස්සේ..!!!